පුවත්

ඩයනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

Published

on

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ, අදාළ පෙත්සම තව දුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති බවය.

ඒ අනුව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් නීතිඥවරුන් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

Trending

Exit mobile version