සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ
ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදීය.
පොලීසිය පවසන්නේ, නිකවැරටිය පොලීසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවය.
ඔහුට එරෙහිව අධිකරණ මගින් පනවා ඇති විදෙස් ගමන් තහනමක් නිසා ගුවන් තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඩෑන් ප්‍රියසාද් මෙලෙස අත් අඩංගුවට ගෙන පොලීසියට භාර දී තිබේ.
2022 වසරේ මැයි මස 09 වැනිදා කොළඹ ගාලු මුවදොර පැවති සාමකාමී විරෝධතාවයට පහරදීමේ නඩුවේ 06 වැනි විත්තිකරු ලෙස ඔහු නම්කර තිබුණි.
නඩුව පැවති අවස්ථාවේදී ඔහු නොපැමිණීම නිසා වරෙන්තුද නිකුත් කර තිබුණි.