පුවත්

ඩොලර් එක නහුතෙට නැග්ගට රූපවාහිනියේ යූටියුබ් ආදායම එතනමයි!

Published

on

ඇමරිකානු ඩොලරයේ මිල දිනෙන් දින ඉහල ගියද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් චැනල්වල ආදායම පසුගිය පෙබරවාරියේ සිට කිසිදු වෙනසක් නොවීම සම්බන්ධයෙන් එහි අභ්‍යන්තරයේ කසුකුසුවක් ඇතිව ඇතැයි වාර්තා වේ.

ජාතික රූපවාහිනියේ චැනල් ජාලයේ සමස්ත ග්‍රාහකයන් ගණන මිලියන 2.2ක් බව වාර්තා වේ.

කෙසේවුවද, ඉකුත් පෙබරවාරි මාසයට පෙර ඊට වඩා අඩු ග්‍රාහකයන් ප්‍රමාණයක් සිටියදී ද ඩොලරය රුපියල් 187ට තිබියදීත් එහි මාසික යූටියුබ් ආදායමේ සාමාන්‍ය රුපියල් මිලියන 2.4 කට ආසන්න වී ඇති අතර මේවන විට ඇමරිකානු ඩොලරය රුපියල් 360 කටත් වඩා ඉහල ගොස් තිබියදී එහි මාසික ආදායම රුපියල් මිලියන 2ක ඉක්මවන්නේ ඉතා අපහසුවෙන් බව පැවසේ.

පසුගිය අගෝස්තු මාසයේදී මේ සඳහා ලැබී ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 2.1ක් බව වාර්තා වේ.

මේ අතර, භාණ්ඩාගාරයෙන් යැපෙමින් සිටින ජාතික රූපවාහිනිය එම ආයතනය සතු විශාලම හා වටිනාම සම්පත වන එහි විශාල භූමි භාගයෙන් කොටසක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව වසර 30 ක කාලයක් සඳහා National Institute of Business Management (NIBM) එකට විකුණා දැමීමට ද සුදානම් වන බව අපි මීට පෙර හෙළිකළේය.

Trending

Exit mobile version