ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට අද (30) පක්ෂ විධායක සභාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර නීති මාර්ගයෙන් කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.
මොවුන් තනතුරු වලින් ඉවත් කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයේ කටයුතු කළ දුමින්ද දිසානායක මහතා වෙනුවට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා පත් කර ඇති අතර, භාණ්ඩාගාරික ධුරයේ කටයුතු කළ ලසන්ත අලගියවන්න මහතා වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා පත්කර තිබේ.
තවද, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරෙන් මහින්ද අමරවීර මහතාව ඉවත් කර ඒ වෙනුවට සරත් ඒකනායක මහතාව පත් කර ඇත.