පුවත්

තරුණයෙකුට වෘෂණ කෝෂයක් අහිමි කළ පොලිස් නිලධාරීන් යළි රිමාන්ඩ්

Published

on

තරුණයෙකුට වෘෂණ කෝෂයක් අහිමි කළ සිද්ධියට මැදි වූ මැදවච්චිය පොලීසියේ නිළධාරින් දෙදෙනා යළි රක්ෂික බන්ධනාගාර ගතකර ඇත.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා සිදුකළ පහරදීමක් හේතුවෙන් සිය පුතුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බවට ඔහුගේ මව කළ චෝදනාවට අදාළ නඩුව අද (16දා) මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

මැදවච්චිය මහේස්ත්‍රාත් ඉමේෂා මධුභානි ධර්මදාස නියෝග කර ඇත්තේ, මෙම මස 24 වනදා මෙම නඩුව නැවත කැඳවන තෙක් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එමෙන්ම අදාළ  සිද්ධියට සම්බන්ධ සියලුම පරීක්ෂණ සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසත් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

පසුගිය 07 වැනිදා මැදවච්චිය පොලිස්බල ප්‍රදේශයේදී මැදවච්චිය පොලීසියේ රථවාහන අංශයට අනියුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු අදාළ තරුණයාට පහරදී බරපතල තුවාල සිදුකර ඇති අතර, ඒ හේතුවෙන් පහර කෑ තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කලේය. එහිදී ශල්‍යකර්මයක් මගින් එක් වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුවිය.

Trending

Exit mobile version