සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත යවා ඇති බව වාර්තා වේ.
තලතා අතුකෝරළ මහත්මිය ඉල්ලා අස්වන බවට පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද ඒ බව කතානායකවරයාට ඊයේ (22) වන විටත් නිල වශයෙන් දැනුම් දිමක් සිදුකර නොමැති නිසා මීළඟ මන්ත්‍රීවරයා පත්කිරීම ගැටලුවක්වී තිබෙන බව මින් පෙර වාර්තා විය.
(පෙර පුවත 2024 අගෝස්තු 23, පෙ.ව.9:23)
තලතා ලියුම නොදී ගෙදර ගිහින්
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද ඒ බව කතානායකවරයාට ඊයේ (22) වන විටත් නිල වශයෙන් දැනුම් දිමක් සිදුකර නොමැති නිසා මීළඟ මන්ත්‍රීවරයා පත්කිරීම ගැටලුවක්වී තිබෙන බව ලංකාදිප පුවත්පත වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පවසා තිබුණේ තලතා අතුකෝරල මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නැති හෙයින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුරප්පාඩුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට නොහැකිවී ඇති බවය.
අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා දීර්ඝ ප්‍රකාශයක් කරමින් සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බව සඳහන් කළාය.
තලතා අතුකෝරළ මහත්මියගේ අස්වීමෙන් පුරප්පාඩු වන සමග ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතා පත් කිරීමට නියමිත බවට වාර්තා වේ.
අතුකෝරළ මහත්මියගෙන් පසු එම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ පරණවිතාන මහතා වන අතර ඔහු පසුගිය මහ මැතිවරණයේදී ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 36787කි.