ආචාර්ය චානක හර්ෂ තල්පහේවා මහතා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය දුන් බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා කියා සිටී.
තල්පහේවා මහතා සමඟ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කිරීමටද එම්.එම්. නයීමුඩීන් මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කිරීමටද අනුමැතිය ලබාදී ඇත.
උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 4 වැනිදා රැස්විය.
මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.