පුවත්

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හකුළා ගනියි

Published

on

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පසුගිය 03 වැනිිදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අදාළ කෙටුම්පත ඇතුළත් කර තිබුණ ද, එම කෙටුම්පත ඉදිරිපත් නොකරන බවට සිදුකළ දැනුම් දීම අනුව එය ඉවත් කිරීමට කටයුතු කළ බව කතානායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පස්වරුවේ කැඳවා ඇති සාකච්ඡාව, සමගි ජනබලවේගය වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ සාකච්ඡාව සඳහා සහභාගි වන්නැයි යළිත් විපක්ෂයට ආරාධනා කර සිටියේය.  

Trending

Exit mobile version