සීමාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිඳු සැලසුමක් හෝ ක්‍රියා මාර්ගයක් නොගන්නා බවත් එසේ කිරීම නව රජයේ ප්‍රතිපත්තිය හා අනුකූල නොවන බවත් එහි දැක්වේ.
දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ සඳහන්ව ඇත.