පුවත්

තැන් තුනකින් මළ සිරුරුහමුවෙයි

Published

on

උහන සහ පේරාදෙණිය යන ප්‍රදේශවලදී සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

උහන හිමිදුරාව ප්‍රදේශයේ වෙල් යායක තිබී ඊයේ (27) රාත්‍රී කාලයේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි අයෙකු බවට අනාවරණය වී ඇත.

පේරාදෙණිය ඉලුක්කුණුව ප්‍රදේශයේ වෙල්යායක තිබී ද 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මේ අතර කිලිනොච්චිය කරඩිබොක්කු ප්‍රදේශයේ ඇළක තිබී නාදුනන පිරිමි පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 40ත් 50ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධින් සම්බන්ධයෙන් උහන, පේරාදෙණිය සහ කිලිනොච්චිය යන පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Trending

Exit mobile version