තැපැල් ඡන්ද වලින් දිස්ත්‍රික්ක 19කින්ම අනුර ඉදිරියෙන්
මේ වන විට 2024 ජනාධිපතිවරණයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල සියල්ලම නිකුත් කර ඇති අතර, ඒ අනුව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක – අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන්ම සිටියි.
මැතිවරණ දිස්ත්‍රික්ක 19කින්ම ඉදිරියෙන් සිටීමට ඔහු සමත් විය.
මේ අතර, තැපැල් ඡන්ද වලින් සමගි ජනබලවේග අපේක්ෂක – සජිත් ප්‍රේමදාස මහතා වන්නි දිස්ත්‍රික්කයෙන්ද ස්වාධීන අපේක්ෂක – රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුව හා යාපනය දිස්ත්‍රික්ක වලින්ද ඉදිරියට පැමිණීමට හැකි විය.