දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවූ ඝාතන සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබේ.
ඇමතිවරයා මෙසේ පවසා ඇත්තේ ඊයේ (21) පොලිස් ප්‍රධානීන් කැඳවා පැවති සාකච්ඡාවකදීය.
දකුණ හා බස්නාහිර පළාතේ මිනීමැරුම් හා අපරාධ වැඩි වීමට විශේෂයෙන් බලපා ඇත්තේ එම පළාත්වල සේවය කරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්ෂමතාවය බව පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.
එවැනි අකාර්යක්ෂම නිලධාරීන් වහාම ඉවත් කර සුදුසු නිලධාරීන් පත් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබේ.