පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
දයාසිරි ජයසේකර මහතා විත්තිකරු ලෙස නම් කරමින් වේලු කුමාර් මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (05) මෙම වාරණ නියෝගය නිකුත් කලේය.
සමගි ජන බලවේගය අකුරැස්සේ සංවිධානය කළ මහජන රැළියකදී දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් පාදක කර ගනිමින් මෙම නඩුව පවරා තිබුණි.
අදාළ අසත්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශයෙන් තමාට සිදු වූ අගතියට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසද පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.
පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අදාළ ප්‍රකාශය තවදුරටත් දයාසිරි ජයසේකර මහතාගේ ෆේස්බුක් පිටුවේ හෝ සමගි ජන බලවේගයේ ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම වලක්වාළමින් වාරණ නියෝග නිකුත් කර තිබේ.
එමෙන්ම, දයාසිරි ජයසේකර මහතාට එරෙහිව අතුරු තහනම් දැන්වීම් නොතීසි නිකුත් කරමින් එළඹෙන 19වන දින අධිකරණයට කරුණු දක්වන ලෙසද මෙහිදී නියෝග කලේය.