පුවත්

දයාසිරිට හරි- සරත්ට සොරි

Published

on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

එසේම නිදහස් පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කිරීම සඳහා පත් කරනු ලැබූ සරත් ඒකනායක මහතාට එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Trending

Exit mobile version