පුවත්

දරුවෙක් අපයෝජනය කළ අයෙකුට වසර 8ක දඬුවමක්

Published

on

විහාරස්ථානයක පැවති වෙසක් කලාපයක් තුළ පිහිටි කුටියක් තුළ දී වෙසක් කූඩුවක් සාදමින් සිටි 11 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (25) බරපතළ වැඩ සහිත වසර 08ක සිර දඬුවමක් නියම කලේය.

මෙලෙස දඬුවම නියම කෙරුණේ 50 හැවිරිදි වියේ පසුවන එක් දරු පියෙකුටය.

ඊට අමතරව එම විත්තිකරු රුපියල් දස දහසක දඩයකට ද යටත් කළ අතර, වින්දිත දරුවාට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවීමට ද නියෝග කලේය.

මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේ, එම දඩ මුදල් සහ වන්දි මුදල ගෙවීමට නොහැකි වන්නේ නම් මාස 18ක ලිහිල් සිර දඬුවමක් ලබාදීමටය.

සිය මව සහ සහෝදරිය සමඟ වෙසක් කලාපය නැරඹීමට පැමිණ සිටිය දී එම දරුවාට වෙසක් කූඩුව සකස් කරදෙන ලෙස ඉතා සූක්ෂමව රවටා විත්තිකරු විසින් කුටියක් තුළ දී මෙම අපරාධය සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

Trending

Exit mobile version