පසුගිය වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා පුද්ගලයින් 5,401 දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
ඉන් වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ වෙසෙන අය වේ.
ඕස්ට්‍රේලියාවෙන් 1,621 දෙනෙකු, එක්සත් රාජධානියෙන් 885 දෙනෙකු, අමෙරිකාවෙන් 795 දෙනෙකු, කැනඩාවෙන් 371 දෙනෙකු ඇතුළු ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ස්වීඩනය, නවසීලන්තය, ප්‍රංශය හා ඩෙන්මාර්කය යන රටවලින් ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අදාල පිරිසට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව සඳහන්ය.