පුවත්

දිනමිණ මුල් පුටුව මනෝජ්ට බාරදෙයි!

Published

on

දිනමිණ පුවත්පතේ ප්‍රධාන කතුවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මනෝජ් අබයදීර මහතා ඉකුත් 05 වැනිදා වැඩ බාර ගනු ලැබීය. 

වසර 113ක් පැරැණි දිනමිණ පුවත්පතේ 28 වැනි කතුවරයා ඔහුය.

කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධිධාරියකු වන මනෝජ් ඇමරිකා එක්සත් ජනපදයේ මයාමි සරසවියේ ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙකි.

දශක 3කට ආසන්න කාලයක් වෘත්තීය මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කරන හෙතෙම දිනමිණ පුවත්පතේ කතුවරයා වීමට පෙර දිවයින ඉරිදා පුවත් පතේ සම කර්තෘ ධුරය දැරුවේය.

Trending

Exit mobile version