සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් , වාරිමාර්ග , ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස ඊයේ (03දා) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දී වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේය.
ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ රාජ්‍ය සේවය තුළ මෙතෙක් පැවති දේශපාලන පලිගැනීම්, ස්ථාන මාරු කිරීම් හා උසස් වීම් ලබා නොදීම් වැනි ක්‍රියා තම රජය යටතේ සිදු නොවන බවය.
රාජ්‍ය සේවකයින් ද ජනතාව තෘප්තිමත් වන ඵලදායී හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට ක්‍රියා කළ යුතු බව ඔහු මෙහිදී සඳහන් කලේය.
එමෙන්ම, ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැවරී ඇති කාර්යභාරය අති මහත් වන අතර, රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේ ද නැද්ද යන වග තීරණය වන බවද අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
කාර්යක්ෂම, ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන්, තමා පෙනී සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් පවසා තිබුණි.