දේශීය ආදායම් පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.
ඊයේ සිට මෙම කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වුණු අතර, එම ඡන්ද විමසීම අද පස්වරු 7.00ට සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
අදාළ පනත් කෙටුම්පත කෝප් කමිටුව හමුවේ සාකච්ඡාවට ගැනීමට පෙර, පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තීරණය කිරීම නිසා ඊයේ දින විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්වයක්ද ඇති විය.
එම පනතට සහය ලබා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සබැඳි පුවත් :
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි