පුවත්

දොස්තර ෂාෆිගේ වන්දි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසිකරයි

Published

on

තමන් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඒ සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල්ලා දොස්තර ෂාෆි ෂිහාබ්දීන් මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

පෙත්සම්කාර වෛද්‍යවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයට සති දෙකක් ඉකුත් වීමෙන් පසුව බවත් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අසමත් කෝටි 40 ක වත්කම් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත් අඩංගුවට ගැනීම සාධාරණ බවත් ඒ අවස්ථාවේදී ඔහුව අත් අඩංගුවට ගැනීමට සාධාරණ හේතුවක් තිබූ බැවින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප්‍රකාශ කළේය.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නම් කරනු ලැබ ඇත.

Trending

Exit mobile version