ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයකු වසර12ට වැඩි කාලයක් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සේවය කිරීමේ පුවතක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
මේ නිලධාරියා විවිධ චෝදනා සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වැඩ තහනමට ලක්ව ඇති අතරම එම කාල සීමාවලදී ඔහු හිඟ වැටුප් හා දීමනාද ලබා ගෙන ඇතැයි වාර්තා වේ.
අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙස මෙම ආයතනයට මොහු පත්වී ඇත්තේ අමාත්‍යාංශ අනුමැතියකින් තොරව බවද අනාවරණ වී තිබේ.
අධ්‍යාපන සහතික මෙන්ම උප්පැන්න සහතිකයේද ගැටලු පවතින මොහු පසුගිය වසරේදී කැනඩාවට ගොස් ඇත.
නිලධාරීන් 30ට අඩු සංඛ්‍යාවක් සිටින මෙම ආයතනය මාසික ලක්ෂ 12ක කුලී පදනම මත පවත්වාගෙන යන බවද කෝප් කමිටුව සඳහන් කරයි.
මේ තොරතුරු අනාවරණයවී ඇත්තේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීය.