තමාගේ දෙපා කපා පහර දුන් පුද්ගලයන් වෙනුවට අඟුලාන පොලිසිය වෙනත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි අඟුලාන දකුණ ධීවර සමිති ලේකම් සනත් නන්දසිරි මහතා පොලිසියට බරපතල චෝදනාවක් එල්ලකර තිබේ.
මොරටුව අඟුලාන දකුණ වැල්ලබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු ඉකුත් දෙසැම්බර් 28 වැනිදා රාත්‍රි කාලයේදී නිදාගෙන සිටියදී මෙම සිද්ධියට මුහුණ දී ඇත.
ඔහුට පහර දුන් කල්ලිය මන්නා පිහිවලින් ඔහුගේ දෙපා කපා දමා යකඩ මුගුරුවලින් පහර දී තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇති අතර සැකකරුවන් 4 දෙනකු මේවන විට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එහෙත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැරැදිකකරුවන් නොවන බවට ලේකම්වරයා චෝදනා කරයි.
තමන්ට පහර දුන් මන්නා පිහි සහ යකඩ මුගුරු වෙනුවට වෙනත් කඩු සහ පොලු මුගුරු අධිකරණයට ඉදිරිපත් කර ඇතැයිද හෙතෙම කියයි.
අඟුලාන ප්‍රදේශයේ ධීවර සමිතිවලට සිදුවන අකටයුතුකම් සහ වංචාවන් මෙන්ම සෞභාග්‍යා වැඩසටහන යටතේ ධීවර ප්‍රජාවට ලැබිය යුතු දැල් ආම්පන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩගසා ඇති බවට ද ඔහු කිහිප වරක්ම චෝදනා කර තිබිණි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ධීවරයන්ට වන්දි මුදල් නොලැබීම හා ධීවර අමාත්‍යාංශයෙන් සිදු කරන විවිධ අක්‍රමිකතා පිළිබඳ වගකිව යුතු පුද්ගලයන්ට මෙන්ම ජනාධිපතිවරයා වෙත තමන් ලිඛිතව දැනුම් දුන් බවද ඔහු මාධ්‍යට පවසා තිබේ.
ඔහු අනාවරණය කළ සෞභාග්‍යා වැඩසටහන යටතේ සිදු වූ අක්රමිකතාවන් පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබුණේ සිද්ධිය වූ දිනට පසුදිනය.
එවැනි තත්ත්වයක් උඩ සාහසිකයන් පිරිසක් තමාගේ දෙපාවලට බරපතළ ලෙස තුවාල සිදුකළ බවත්, දැනට මාසයක පමණ සිට ප්‍රතිකාර ලබමින් නිවසේ ඇඳක් මතට වී සිටින හෙතෙම කියයි.
මේ අතර, සාධාරණ පරීක්ෂණයක් පවත්වා නියම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අඟුලාන පොලිසියෙන් සහ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන්ද පොලිස්පතිතුමාගෙන් ද සනත් නන්දසිරි මහතා ඉල්ලා සිටියි.