පුවත්

ධීවර සහ නාවික ප්‍රජාවට  අනතුරු ඇඟවීම්

Published

on

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද සුළං සහ මුහුද රළු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බවය.

Trending

Exit mobile version