පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
ඒ අනුව මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු අයිති කරගැනීමට හැකිවන පරිදි එම ගිනිඅවි ලබාදීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්රචණ්ඩත්වය පසුගිය කාලය තුළ දිගින් දිගටම වැඩිවී තිබෙන බවත් එම නිසා මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.