පුවත්

නතාශාට මහාධිකරණයෙන් ඇප දෙයි; නීතිපති විරුද්ධ නොවෙයි (Update)

Published

on

බෞද්ධ ආගමට නිගාවන ආකාරයෙන් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධියකට මාසයකට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවා සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයක බව කියන නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳි මහතා නියෝග කළේය.

ඇයට ඇප දීමට විරුද්ධ නොවන බව නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා කළ දැනුම්දීමක් පිළිගත් විනිසුරුවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි  නියම කළේය.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඉදිරිපත් කළ ඇප ඇයැදුම් පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුව සැකකාරියට ඇපදුන්  විනිසුරුවරයා මෙම නඩු තීන්දුව වහාම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙස ද මහාධිකරණ රෙජිස්ටාර්වරයා නියම කළේය.

කෙසේවුවද, අද (05) දිනයේදී නතාෂාට එරෙහිව අදාළ චෝදනාවටම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තිබූ නඩුව කැදවූ අවස්ථාවේ දී නතාෂා තවදුරටත් ජූලි 12 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළ‌ේය.

———————————–

(පෙර පුවත : 2023 ජුලි 05 ප.ව. 2:36)

නතාෂා 12දා තෙක්, සද්ධාරතන හිමි 12දා තෙක් යළි රිමාන්ඩ්

ආගමික සහජීවනයට හානි වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැණුනු රාජාංගනේ සද්ධාරතන හිමි ජුලි 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා අනුරාධපුර – ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී  රාජාංගණයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර බුදු දහම සම්බන්ධයෙන් අපහාසාත්මක අදහස් පලකළ බවට ච‌ෝදනා එල්ලවී සිටින නතාෂා එදිරිසුරිය තව දුරටත් ජුලි 12 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේය.

Trending

Exit mobile version