පුවත්

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තියන්න කැබිනට් අනුමැතිය

Published

on

න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳව ගිවිසුමට අත්සන් තැබීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

මෙම ගිවිසුමට අත්සන් තැබීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට 2021 දෙසැම්බර් 20දා පැවති අමාත්‍ය මණ්ඩල රැස් වීමේදී අනුමැතිය ලබා දී තිබිණි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට මෙලෙස අනුමැතිය හිමි ව ඇති බව සඳහන්ය.

ඒ අනුව මේ මස නිව්යෝක් හී දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභා රැස්වීමට සමගාමීව පවත්වනු ලබන උත්සවයේ දී එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

Trending

Exit mobile version