පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබේ.
මේ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.
එම පුරප්පාඩුව සඳහා ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා පත් කර ඇති බව සඳහන්ය.
නාමල් රාජපක්ෂ මහතා අදාළ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.