පුවත්

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

Published

on

නිකිණි පුර පසලොස්වක පෝය දිනය අදට (19) යෙදී තිබේ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදදහම සම්බන්ධයෙන් එල්ල වූ විනය විරෝධී ආකල්ප නැතිකරමින් ශාසන චිරස්ථිතිය සඳහා ප්‍රථම ධර්ම සංගායනාව අද වැනි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක පැවැත්වුණි.

විනයකර්ම සිදුකර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන්ට පසුවස් එළඹීම සඳහා බුදුන් වහන්සේ අනුදැන වදාළේ ද අද වැනිම වූ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනකය.

ප්‍රථම ධර්ම සංගායනාවට පෙර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත්වූයේ ද අද වැනි නිකිණි පුර පසළොස්වක පොහොය දිනකයි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා පළමුව උරුවෙල් දනව්වේ සේනානිගමට වැඩම කරවීමද අද වැනි නිකිනි පුන් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

උන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල මංගල චෛත්‍යයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද මෙම උතුම් පොහෝ දිනයේ සිදු වූ බව ඉතිහාසයේ සඳහන්ය.

Trending

Exit mobile version