පුවත්

නීතීඥයන්ට බාධා කිරීම ගැන සාලිය පීරිස් කනස්සල්ල පලකරයි

Published

on

‘නිදහසේ සත්‍යග්‍රහය’ නමින් මරදානේ ඊයේ (03) පැවැති උද්ඝෝණය අතරතුර අත්අඩංගුවට ගත් සාමකාමී විරෝධතාකරුවන් සම්බන්ධයෙන් නීති සහය ලබාදීමට නීතීඥයින්ට ප්‍රවේශය ලබා නොදීම ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කනස්සල්ල පළ කරයි.

මෙය නීතීඥයින්ට සහ ඥාතීන්ට පොලීසියට ප්‍රවේශය ලබා දිය යුතු 2018 අංක 5 බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත සෘජුවම උල්ලංඝනය කිරීමක් බව ඔහු අවධාරණය කරයි

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ සාමකාමී ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ පොලිසිය විසුරුවා හැරිය.

මේ අතර, එහි සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා තහවුරු කළේය.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ “ස්වාධීනත්වය සහ නිදහස ජනතාව සඳහා මිස බලයේ සිටින අයට පමණක් සීමා නොවිය යුතු” බවයි.

Trending

Exit mobile version