ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින ප්රධාන දේශපාලන පක්ෂ රැසක්ම අද (09) දිනයේත් නාමයෝජනා පත්රවලට අත්සන් තැබීය.
ඒ අනුව ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් මේ වනවිට නාම යෝජනා භාර දී තිබේ.
ජාතික ජන බලවේගය සිය නාමයෝජනා පත්රවලට අත්සන් තැබුවේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීය.
ඒ අනුව ජාතික ජන බලවේගය දිස්ත්රික් 22 සඳහා නාම යෝජනා අත්සන් තබා තිබේ.
සමගි ජන සන්ධානය නාමයෝජනා පත්රවලට අත්සන් තැබීම සිදුකළේ කොළඹ පිහිටි එම සන්ධානයේ කාර්යාලයේදීය.
ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග වදින නව ප්රජාතන්ත්රවාදී පෙරමුණත් අද සිය නාමයෝජනා පත්රවලට අත්සන් තැබීය.
ඒ් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදීය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණද ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා පත්රවලට අද අත්සන් තැබුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදීය.