එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතව තිබේ.
හෙට පෙරවරු 9.30ට මෙම සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභා පරිශ්රයේ දී පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු මැතිවරණය ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාව හමුවන පළමු අවස්ථාව ද මෙයයි.
ඒ අනුව, හෙට දිනයේ දී එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල තීරණය කිරීමට ද නියමිතය.
මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ, ඉන් අනතුරුව ඊට අදාළ ගැසට් පත්රය නිකුත් කරනු ඇති බවය.
මීට අමතරව මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.