පළාත් කිහිපයක ආණ්ඩුකාරවරු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ බව සඳහන් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් වී තිබේ.
ඒ අනුව,
- ලලිත් යූ ගමගේ – මධ්‍යම පළාත් ආණ්ඩුකාර
- මහීපාල හේරත් – උතුරුමැද පළාත් ආණ්ඩුකාර
- ලක්ෂ්මන් යාපා අබේවර්ධන – දකුණු පළාත් ආණ්ඩුකාර
- සෙන්දිල් තොණ්ඩමාණ් – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
- නවීන් දිසානායක – සබරගමුව පළාත් ආණ්ඩුකාර
- රවීන්ද්‍ර අනුර විදානගමගේ -ඌව පළාත් ආණ්ඩුකාර
යන ආණ්ඩුකාරවරුන් මෙසේ ඉල්ලා අස්වී ඇති බවට එම ගැසට් නිවේදනයේ සඳහන්ය.
මේ අතර උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
2023 අාණ්ඩුකාර ධූරයටපත් පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය දෙවරක් උතුරු පළාත් අාණ්ඩුකාර ධූරය හොබවනු ලැබුවාය.