Connect with us

පුවත්

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දකුණෙන්

Published

on

බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් රථ හැර සෙසු සියලුම පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්‍ර දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව දකුණු පළාත් ලේකම් සුමිත් අලහකෝන් මහතා පවසයි.

එම ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (03) සිට ක්‍රියාත්මක විය.

අලහකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙහිදී වෙනත් පළාතක ආදායම් බලපත්‍රයක් වෙනුවෙන් රුපියල් 100 ක අමතර මුදලක් අයකරන බවය.

පුවත්

නීතිපතිගේ කාලය දිගු කිරීමට ගෙනා යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

Published

on

By

නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ අනුව අද (18) පස්වරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණි.

එහිදී ජනාධිපතිවරයාගේ නිර්දේශය දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වී ඇති අතර අවසන් තීරණයකට එළඹීම සඳහා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් අතර ඡන්දයක් ද පවත්වා ඇති බව සඳහන් ය.

ඒ අනුව අදාළ නිර්දේශයට විපක්ෂව ඡන්ද 05ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 03ක් පමණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ ධුර කාලය මාස 6කින් දීර්ඝ කිරීමේ යෝජනාව පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළේය.

අවස්ථා දෙකක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වූ අතර එම අවස්ථා දෙකෙහිම මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගෙන එය කල් දැමුණි.

ඒ අනුව අද අදාළ යෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා විය.

නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය මෙම මාසයෙන් අවසන් වීමට නියමිතව තිබේ.

Continue Reading

ක්‍රීඩා

හරීන් කර ගැහුව බර කරත්තේ ගැන පාර්ලිමේන්තුවට කියයි

Published

on

By

ක්‍රීඩා අමාත්‍යංශය යනු ක්‍රිකට් පමණක් නොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියයි.

ඔහු අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යංශය ට ක්‍රීඩා 73ක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට තිබෙන බවයි.

වැඩිදුරටත් ඔහු මෙසේද කීය, “පසුගියදා රෙගුලාසියක් දැම්මා. එම රෙගුලාසිය අනූව විධායක කමිටුවක අවුරුදු 16ක් හිටියොත් එයාට සභාපති වෙන්න බෑ. මම දන්න තරමින් ශම්මි සිල්වා 16 ඉඳලත් ඉවරයි. ඊළඟට ඔහුට ඉල්ලන්න බෑ. මේ තියෙන්නේ පෞද්ගලික වෛරයක්.”

ඔහු තවදුරටත් පැවසුවේ ක්‍රිකට් කණ්ඩායම පැරදෙන විට සියලුදෙනා ඇමතිවරයාට බනින බවයි.

“කොහේවත් යන බර කරත්තයක් මගේ කරපිට තිබ්බා. වර්ල්ඩ් කප් එකේ ගහපු මැච් 3න් 2ක් පැරදුනාම නිදාගෙන හිටිය අය නැවතත් නැගිටලා. භාරගත්ත ගමන් ටුවර් තුනම දින්නා. හොඳයි කිව්වේ නෑ. දිනන කොට ක්‍රීඩකයෝ…පරදින කොට ඇමතියා.”

Continue Reading

පුවත්

ජූලි මස 15 විදුලි ගාස්තු සංශෝධනයක්

Published

on

By

මෙම වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (18) පැවසීය.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ ලිඛිත අදහස් ලබන ජූලි මස 8 වැනිදා දක්වා භාරගන්නා බවත් වාචික අදහස් විමසීම ජූලි මස 9 වැනිදා පැවැත්වෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මෙම ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත අතර ඒ අනුව එම අඩුවන ප්‍රතිශත ජූලි මස 15 වැනිදා ප්‍රසිද්ධ කරනු ඇත. 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved