බංගලාදේශ රජය විසින් හෙට දිනයේ (05) සිට දින 03ක රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ.
විධායක නියෝගයක් යටතේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණේ එරට විවිධ ප්‍රදේශ වල ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් උද්ගත වීමෙන් අනතුරුවයි.
රෝහල්, ඖෂධ, විදුලිය, ජලය හා ගෑස් ඇතුළු හදිසි සේවා සඳහා මෙම නියෝගය බලනොපැවැත්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.