පුවත්

ප්‍රතිමුඛ ප්‍රේෂණ ගැන නියමනයන් තවත් මාස 6කට දික්කරයි

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශය මත ඇතැම් ප්‍රාග්ධන ගණුදෙනු සහ ජංගම සංක්‍රාමවලට අදාළ ප්‍රතිමුඛ ප්‍රේෂණ 2020 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීම/සීමා කිරීම සඳහා 2017 අංක 12 දරණ විදේශ විනිමය පනත යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා විසින් වරින්වර නියමයන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවසන් වරට 2022 දෙසැම්බර් 22 දිනැතිව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියමය ක්‍රියාත්මක වීම 2023 ජුනි 30 දිනෙන් අවසන් වීමට නියමිතය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය අනුව එකී නියමය තවත් මාස 06ක් ක්‍රියාත්මක කිරීම පිණිස 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තියේ විධිවිධාන පරිදි වන නියමයක් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීමටත්, ඉන් අනතුරුව එකී නියමය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Trending

Exit mobile version