Connect with us

පුවත්

ප්‍රබල පාතාලයන් 2ක් රට පැන්නූ ආගමන විගමන ලොක්කෝ 2ක් අත්අඩංගුවට

Published

on

මෙරට ප්‍රබල පාතාල නායකයින් දෙදෙ­න­කුට රටින් පලා යෑමට ව්‍යාජ ගුවන් ගමන් බල­පත්‍ර දෙකක් සැකසූ ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පාල­ක­ව­ර­යකු හා හිටපු නියෝජ්‍ය පාල­ක­ව­ර­යකු අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් ඊයේ (17) අත්අ­ඩං­ගු­වට ගැනිණ.

චමින්ද ජනක ගුණරත්න නමැති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයකු හා ඉෂාර මෙන්ඩිස් නමැති ආගමන විගමන නියෝජ්‍ය පාලක තනතුරේ සිට දැනට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වශයෙන් සිටින නිලධාරියකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

නුරේෂ් සුපුන් දයා­රත්න හෙවත් “හීන­ටි­යන මහේෂ්” සහ ශාන් අරෝෂ් ලිය­නගේ හෙවත් “මතු­ගම ශාන්” යන පාතාල නාය­ක­යන්ට මෙසේ අසත්‍ය තොර­තුරු මත විදේශ ගමන් බල­පත්‍ර සකස් කර­දීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් මෙම නිල­ධා­රීන් දෙදෙනා ඉදිරි විම­ර්ශන සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් සිය භාර­යට ගෙන තිබේ.

එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් සිදු කළ විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව ඔවුන් දෙදෙනා පොලිස් භාර­යට ගනු ලැබූ අතර අප­රා­ධ­ක­රු­වන්ට මෙලෙස විදේශ ගමන් බල­පත්‍ර තවත් ලබා දී ඇද්ද යන්න සම්බ­න්ධ­යෙන් සහ තවත් තොර­තුරු රැසක් අනා­ව­ර­ණය කර ගැනී­මට ඔවුන්ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය සැලැසුම් කර ඇතැයි ද වාර්තා වේ.

සැක­ක­රු­වන් දෙදෙනා මේ ගමන් බල­පත්‍ර සකස් කිරී­මට රුපි­යල් ලක්ෂ ගණ­නක මුද­ලක් ලබා ගන්නට ඇතැයි පොලි­සිය සැක කරයි.

සැක­කාර නියෝජ්‍ය පාල­ක­ව­රයා විසින් සුපුන් දයා­රත්න හෙවත් හීන­ටි­යන මහේෂ් නමැ­ත්තා­ටද සැක­කාර හිටපු නියෝජ්‍ය පාල­ක­ව­රයා විසින් මතු­ගම ශාන් නැමැ­ත්තාට ද ව්‍යාජ ගුවන් ගමන් බල­ප­ත්‍රය සාදා දී ඇති බව විම­ර්ශ­න­වල දී අනා­ව­ර­ණය වී ඇත.

මානි­ක්කුගේ දිනේෂ් සිල්වා යන ව්‍යාජ නම සහ ව්‍යාජ හැඳු­නු­ම්පත් අංක­යක් ඇතු­ළත් කර ව්‍යාජ ගුවන් ගමන් බල­ප­ත්‍රය සකසා ඇති බවට අනා­ව­ර­ණය වී ඇති අතර දොඩං­ගොඩ ලිය­නගේ ප්‍රාදේශ කුමාර ජය­සිංහ නමැති ව්‍යාජ නාමය භාවිත කර මතු­ගම ශාන් නමැ­ත්තාට ගුවන් ගමන් බල­ප­ත්‍රය සකස් කර දී ඇති බව පොලිස් විම­ර්ශ­න­වල දී අනා­ව­ර­ණය වී ඇත.

ඩුබායි වෙත පැන ගොස් සිටින මතුගම ශාන් හා හීනටියන මහේෂ් මෙරට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ඝාතන රැල්ල හා අපරාධවලට චෝදනා ලැබ ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති පාතාල නායකයන් දෙදෙනෙකි.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පොලි­ස්පති පේම­රත්න මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ විම­ර්ශන සිදු කෙරේ.

මූලාශ්‍රය – දින­මිණ

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved