පුවත්

ප්‍රිමාලිට කිට්ටු වූ පොලිස්, ඇමති හා ප්‍රභූ කෙළිකාරයින්ගේ නම් එළියට

Published

on

ප්‍රිමාලිට කිට්ටු වූ පොලිස්, ඇමති හා ප්‍රභූ කෙළිකාරයින්ගේ නම් එළියට මෙරට අප්‍රකට කෝටිපතියන් රැසක් රවටා රුපියල් බිලියන ගාණක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලි ඉතා සමීපව ඇසුරු කළ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, කලාකරුවන්, පොලිස් ලොක්කන් ඇතුළු ප්‍රභූන් රැසක් ඇය හා හුදෙකලාව අනඟ රැඟුම් පෑ හැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් දිනමිණ පුවත්පතට අදහස් දක්වා ඇති උසස් පොලිස් නිලධාරියෙක් ‘හිතා ගන්නවත් බැරි පුද්ගලයෝ ගැන හොඳ හොඳ දේවල් සී.අයි.ඩී. එක මතු කර ගනිමිනුයි ඉන්නේ’ යනු වෙන් පවසා තිබේ. මේ ගැන තොරතුරු හෙළි වෙමින් ඇත්තේ ඇගේ ජංගම දුරකතනය ඇතුළු පරිගණක උපාංග විශ්ලේෂණයේදී බවද පැවසේ. මේ දේවල් ඇය පටිගත කරගෙන තබගෙන ඇත්තේ ඇයට ඒ අයගෙන් උදවු වුවමනා අවස්ථාවලදී බ්ලැක්මේල් කර ඇයට අවශ්‍ය දේවල් කර ගැනීමට බවද විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

Trending

Exit mobile version