පුවත්

පාකිස්තාන දුම්රිය ස්ථානයක බෝම්බයක්

Published

on

නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක අද උදැසන සිදුවූ බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

පෙෂාවර් බලා යන සීඝ්‍රගාමී දුම්රිය ගමනාන්තය බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී දුම්රිය ස්ථානය තුළ පිපිරීම සිදුවී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මෙහෙයුම් අධිකාරී මුහම්මද් බලොච් පවසා ඇත.

දකුණේ වර්ධනයවන බෙදුම්වාදී කැරැල්ලක් සමඟ පොරබදමින් සිටින පකිස්තානයේ සටන්කාමී ප්‍රහාරවල වැඩිවීමක් මේ දේනවල දක්නට ලැබෙන බව සඳහන්ය.

Trending

Exit mobile version