පුවත්

පාර්ලිමේන්තුවට කෑම ගැනීමේදී ගැටලුවක්

Published

on

පාර්ලිමේන්තුවට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගෙවන ලද රුපියල් අට කෝටියකට වැඩි වවුචරපත් 122කට අදාළව එම ගෙවීම් ලබාගත් තැනැත්තාගෙන් එසේ ගෙවීම ලබාගත් බවට තහවුරුවක් ලබාගෙන නොතිබූ බවත් එය නීති රීති හා රෙගුලාසි වලට අනුකූල නොවූ ක්‍රියාවක් බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මුදල් ගෙවීම් කිරීමේදී නියමිත තැනැත්තාට මෙම මුදල් ගෙවූ බවට තහවුරු කරගත යුතු වූවද එසේ ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මෙම රුපියල් කෝටි අටකට වැඩි මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ 2023 වසරේ ජනවාරි සිට ජුලි දක්වා කාලයේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2023 වර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ මේ තොරතුරු සඳහන් වේ.

Trending

Exit mobile version