පුවත්

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Published

on

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද (6) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය.

ඒ අදාළ පනත් කෙටුම්පත රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPE) හමුවේ සාකච්ඡාවට ගැනීමට පෙර, පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තීරණය කිරීම නිසා ඊට විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම කාරක සභාව තවමත් සාකච්ඡා කර නැති බවයි.

මුදල් කමිටුව පනත ගැන කිසිම විශ්ලේෂණයක් තවමත් කර නොමැති බවත් මේ උත්සහ දරන්නේ රාජ්‍ය මුදල් කාරක සභාව පාර්ලිමේන්තුවේ පැත්තකට දැමීමට දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මේ පනත ගැන තොරතුරු ඉල්ලා සිටි බවත් ඊයේ වන තුරු එම තොරතුරු ලැබී නැති බවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කීය.

දත්ත නැතුව පනත් කෙටුම්පත විශ්ලේෂණය කරන්නේ කෙසේදැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.

Trending

Exit mobile version