අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට මේ වන විට නිකුත් වී තිබේ.
ඒ අනුව, ඔක්තෝබර් මස 04 සිට 11දා දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය.
මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14දා ය.
නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21දා රැස්වීමට නියමිත වේ.
(පෙර පුවත 2024 සැප්තැම්බර් 24, ප.ව.10:16)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුවට ජනපති අත්සන් තියයි
අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අදාළ ගැසට් පත්‍රයේ මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව සඳහන්ය.