පුවත්

පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටේ

Published

on

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ  සිවිලිමේ කොටසක් කඩා වැටී ඇත.

මෙම සිදුවීමෙන් පොලිස් නිලධාරියක්  තුවාල ලබා ඇති අතර එම නිලධාරියාට පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන ලදී.

අදාල නිලධාරියා වාහනයක් පරීක්ෂා කරමින් සිටියදී  මෙම අනතුර සිදුව ඇතැයි පැවසෙයි.

වහලේ සිවිලිමේ  දිරාගිය  කොටසක් මෙසේ කඩා වැටී ඇති බව දැනගන්නට ඇත.

අවුරුදු නිවාඩුවෙන් පසු පාර්ලිමේන්තු සේවකයන් රාජකාරියට වාර්තා කිරීම සිදුවූයේ  ඊයේ (17) දිනයේ ය.

Trending

Exit mobile version