පුවත්

පාසල් ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පස්සෙ තියන්න කියයි

Published

on

පාසල් නිවා­සා­න්තර ක්‍රීඩා උලෙළ අලුත් අවු­රුදු නිවා­ඩු­වෙන් පසුව සංවි­ධාන කරන ලෙස සියලු පාස­ල්­වල විදු­හ­ල්ප­ති­ව­රුන්ට අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා උප­දෙස් දී තිබේ.

රටේ පව­තින උෂ්ණා­ධික තත්ත්වය මත මේ තීර­ණය ගනු බවත් සියලු විදු­හ­ල්ව­ලට ඒ සම්බ­න්ධ­යෙන් චක්‍ර­ලේ­ඛ­යක් මඟින් දැනුම් දෙන බවත් ඇමැ­ති­ව­රයා පවසයිත

අමා­ත්‍ය­ව­රයා පෙන්වා­දෙන්නේ උෂ්ණා­ධික කාල­ගුණ තත්ත්වය නොස­ළ­ක­මින් පාසල් රැසක් නිවා­සා­න්තර ක්‍රීඩා උළෙල සංවි­ධාන කර ඇති බව නිරී­ක්ෂ­ණය වී ඇති බවය.

පළමු පාස­ල්වා­රය අලුත් අවු­රුදු නිවා­ඩු­වෙන් පසුව ද ක්‍රියා­ත්මක වන බැවින් එම කාලයේ දී ක්‍රීඩා තරග පැවැ­ත්වීමේ හැකි­යාව පව­තින බව සුසිල් ප්‍රේම­ජ­යන්ත අමා­ත්‍ය­ව­රයා කියා සිටි­යේය.‍

Trending

Exit mobile version