පුවත්

පාසල් නිවාඩුව අදින් ඇරඹේ

Published

on

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයට අදාළ තෙවන වාරය අදින් (22) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව තෙවන පාසල් වාරයේ දෙවැනි අදියර 2024 පෙබරවාරි මස 01 දින ආරම්භ වීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත.

ජනවාරි මාසයේදී අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් මෙවර සිසුන්ට දින 40ක පමණ දීර්ඝ පාසල් නිවාඩුවක් හිමිවේ.

නව වසරේ පළමු පාසල් වාරය පෙබරවාරි මස 19දා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර සඳහන් කර තිබුණි.

Trending

Exit mobile version