පුවත්

පාස්කු වාර්තාව ප්‍රසිද්ධ කිරීමට සැරසෙන උදය ගම්මන්පිල

Published

on

දින තුනක් තුළ පාස්කු වාර්තාව ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකරන්නේ නම් තමන් සතුව ඇති වාර්තාවන් එළඹෙන සඳුදා දිනයේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියලුම වාර්තාවල කිසිඳු අඩුවක් නොමැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙසින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අමාත්‍ය විජිත හේරත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවට ප්‍රසිද්ධියට පත් කිරීමට ප්‍රතිඥාවක් ලබා දෙන තුරු තමා සතු වාර්තාව ආණ්ඩුවට බාර නොදෙන බවද ඔහු සඳහන් කලේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන් ළඟ ඇත්තේ එම වාර්තාවල පිටපත් බවත් සත්‍ය වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති බවත්ය. 

Trending

Exit mobile version