බලංගොඩ නගරයේ පාසලක ගැහුණු ළමුන් පිරිසක් හදිසියේ ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අද (25) පෙරවරුවේ මෙම පාසලේ ගැහැණු ළමුන් කිහිප දෙනෙකු යම් රසායනික ද්‍රාවණයක් යොදා කාන්තා වැසිකිළිය පිරිසිදු කර තිබුණි.
අනතුරුව එම ළමුන් සහ එම වැසිකිළියට පැමිණි තවත් ළමුන් පිරිසක් යම් රෝගී තත්ත්වයකට පත්වීම හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුව ඇත.
අප වාර්තාකරු පැවසූවේ බලංගොඩ සී.සී. දෙමළ මහා විද්‍යාලයේ ළමුන් 22ක් එසේ රෝහල්ගත කළ බවයි.