පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 17කට වැඩි පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
අනතුරෙන් පුද්ගලයින් 06 දෙනෙකු ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවිසැලක හටගෙන තිබුණු මෙම ගින්නෙන් වෙළෙදසැල් කිහිපයකට හානි සිදුවී තිබුණු අතර, ගින්න නිවීම සඳහා කොළඹ ගිනිනිවන ඒකකය විසින් ගිනි නිවීමේ රථ කිහිපයක්ම යොදවා තිබුණි.
ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටකොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.
(ඡායා : Accident1st)