පුවත්

පිටුවහල් කරන්න ගෙනා චීනා ගුවන්තොටේ යකා නටයි!

Published

on

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි අවස්ථාවේදී අල්ලා ගත් චීන ජාතිකයා යළිත් චීනයට පිටුවහල් කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ආ අවස්ථාවේ යළි චීනයට යෑමට නොහැකි බව කියමින් කලහාකාරි ලෙස හැසුරුණු බව ගුවන් තොටුපල ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

මේ චීන ජාතිකයා ඊයේ (08) සවස 5ට පමණ පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරුන්  දෙදෙනෙකු  හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයකු සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ දැඩි ආරක්ෂාව යටතේ ගුවන් තොටුපලට ‌රැගෙන ආ අවස්ථාවේ මෙලෙස හැසිරී තිබේ.

ගුවන් යානයට පිවිසීමට ඇති අවසන් දොරටුව වෙත මෙම චීන ජාතිකයා රැගෙන ආ අවස්ථාවේ ඔහු යළි චීනයට යෑමට නොහැකි බව කියමින් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත් බව ගුවන්තොටුපල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

චීන ජාතිකයාගේ ආරක්ෂාවට පැමිණි ආරක්ෂක නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා බලහත්කාරයෙන් මෙන් මොහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 884 දරණ ගුවන් යානයට ගොඩ කරගෙන චීනය බලා රැගෙන ගිය බව ගුවන් තොටුපලේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම චීන ජාතිකයා ගේ ආරක්ෂාවට මෙම පොලිස් නිලධාරීන් තිදෙනා සහ ආගමන විගමන නිලධාරියා ද ගොස් ඇත.

සබැදි පුවත්
චීන ජාතිකයා පිටුවහල් කරන්නැයි ටිරාන් නියෝ​ග කරයි! 

අරුන්දික ඉල්ලන්නත් කලින් ඉලුක්පිටිය චීනා යවලා! 

ලංකාවට ඇතුළු වෙන්න කටුනායක යකා නැටූ චීනා ! 

Trending

Exit mobile version