පුවත්

පිරමීඩ ජාවාරම ව්‍යාප්ත කරන්න හවුල්වූ අයෙකුගේ BMW කාරයට ගිනිතියලා

Published

on

පිරමීඩ ජාවාරමට හවුල් බව කියන පුද්ගලයකුට අයත් BMW වර්ගයේ මෝටර් රථයක් රන්න, වීරෝදාර මාවතේ ඔහුගේ නිවස ඉදිරිපිට නවතා තිබියදී කිසියම් පිරිසක් ගිණිතබා විනාශ කර ඇතැයි හුංගම පොලිසිය පවසයි .

පිරමීඩ ජාවාරම  හරහා එම ප්‍රදේශයේ විශාල පිරිසක් මුදල් තැන්පත් කර ඇති අතර එම මුදල් ගෙවීම් අත් හිටුවීම නිසා තැන්පත්කරුවන් මොහු සමඟ අමනාපයෙන් පසුවූ බව පොලිසිය කියයි .

ගිණි තැබීම නිසා මෝටර් රථය සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ හිමිකරු  හුංගම පොලිසියට පැමිණිලි කර තිබේ . 

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ හුංගම පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

කෙසේවුවද, සමාජ මාධ්‍ය තුළ වාර්තා වී ඇත්තේ මෙසේ ගිනිතබා ඇත්ත‌ේ ආන්දෝලනාත්මක ඔන්මැක්ස් ඩීටී (OnmaxDT) නම් නීති විරෝධී පිරමිඩ ජාවාරමට පුද්ගලයන් සම්බන්ධ කළ අයෙක් බවයි.

මේ මෝටර් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 300ක් පමණ වන බවද පැවසේ.

Trending

Exit mobile version