පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ඉදිරිපත් කර ඇතැයි කථානායක – මහින්ද යාපා අබේවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මෙම පනත් කෙටුම්පත සමස්ථයක් වශයෙන් ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට පටහැනි වන බවත්, එය සම්මත කළ හැක්කේ යෝජිත වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව හෝ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා තිබේ.